26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී රට තුළ බිත්තර හිඟයක්

ඉදිරියේදී රට තුළ බිත්තර හිඟයක්

ඉදිරියේ දී රට තුළ බිත්තර හිඟයක් ඇති විය හැකි බව බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

බිත්තර කර්මාන්තයේ නිරත පුද්ගලයින් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

මේ හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙළඳපොළ තුළ රුපියල් 50.00ක මිලකට බිත්තරයක් අලෙවි වුව ද, වෙළෙඳුන් විසින් නිෂ්පාදකයාගෙන් එය මිලදී ගනු ලබන්නේ රුපියල් 45.00ක් වැනි මිලකට බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පසුගිය කාලයේ රුපියල් 1400ත් 1500ත් අතර මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1100ත් 1200ත් අතර අගයකට අඩු වී තිබෙනවා.