31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsත්‍රීවිල් රථ ඉන්ධන කෝටාව දෙගුණ කෙරේ

ත්‍රීවිල් රථ ඉන්ධන කෝටාව දෙගුණ කෙරේ

QRර්‍ ක්‍රමවේදය යටතේ වෘත්තීමය ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට රජය ඊයේ (24) තීරණය කළා.

රජයේ මෙම තීරණයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 20.00 කින් පහත දැමීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීම ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ.

වෘත්තීමය ත්‍රීරෝද රථ සංගම් සහ ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ඊයේ මෙම සාකච්ඡාව පවත් වුණා.

මේ අතර බස් සහ පාසල් වෑන් රථ සඳහා ද ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සාගල රත්නායක සඳහන් කර සිටියා.