23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට පුරප්පාඩු 8000කට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ පවසයි.

මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවත් නියමිත පටිපාටියන්ට අනුකූලව අදාල බඳවාගැනිම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම නවතම ච්ක්‍රලේඛයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා මෙම වසර අවසානයේදී විදාල සේවක පිරිසක් විශ්‍රාම යෑමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළේය.

දුම්රිය මාර්ග, පාලම්, සංඥා සහ දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමය නොමැති වීමෙන් දුම්රිය සේවය බරපතළ ලෙස කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.