29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමුන් අපයෝජනය කරන භික්ෂූන් ගැන ඇමතිගෙන් දැඩි තීරණයක්

ළමුන් අපයෝජනය කරන භික්ෂූන් ගැන ඇමතිගෙන් දැඩි තීරණයක්

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් තමා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් වාර්තාවක් ඉල්ලූ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බවයි.

විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

විහාර හා දේවාලගම් පනතට සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.