26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදෙස්ගත වීම ගමන් තහනම්?

අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදෙස්ගත වීම ගමන් තහනම්?

විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පවසයි.

අමාත්‍යවරියගේ ඉල්ලීමත් සමඟ ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කිරීමට කටයුතු කිරීමට නියමිතය.

ගෘහ සේවය සඳහා විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 2 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යවශ්‍යව පැවැති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත් පසුගිය ජුනි මස 27 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබුණි.

එසේම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 5 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවද රාජ්‍ය ඇමතිවරිය එහිදී ප්‍රකාශ කළාය.

ඒ අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන්ට ගෘහ සේවය සඳහා විදේශගත වීමට අවස්ථාව දීම පිළිබඳවත් එසේ විදෙස්ගත වන මවුවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ යුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීම පිළිබඳ තීරණය නැවත සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.