ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය ඉකුත් කාර්තුව තුළ වසර 32ක ඉහළම අගය කරා පැමිණ තිබේ. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව එරට පාරිභෝගික මිල දර්ශකය, ඉකුත් සැප්තැම්බර් මාසය අවසානය වන විට සියයට 1.8 කින් ඉහළ ගොස් තිබේ.
නිවාස ඉදිකිරීම් සහ ගෑස් මිල කැපීපෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන අතර එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ජීවන වියදම ඉහළ යමින් පවතී.