26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් ගසා විකුණන ජාවාරමක් ගැන හෙළිවෙයි

කල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් ගසා විකුණන ජාවාරමක් ගැන හෙළිවෙයි

අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ, ඔසුසැල් තුළ පවතින බවත් එවැනි ඖෂධ ලේබල් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හිඟ ඖෂධ කඩිනමි ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කලමනාකරණය කර ගැනීම සඳහා, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි.