29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලිගෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ හිමිකරුට කෝටියක පොල්ලක්

තිළිණි ප්‍රියමාලිගෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ හිමිකරුට කෝටියක පොල්ලක්

තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල වෙනුවෙන් එහි හිමිකරුට ගෙවීමට ඇති කෝටියකට ආසන්න කුලී මුදලක්ද ගෙවා නොමැති බව වාර්තා වනවා.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

තවද ඇය විසින් හෙළිකොප්ටර් මගින් කතරගම ගොස් තිබෙන බවත් ඒ එක් ගමන්වාරයක් සඳහා ලක්ෂ 10කට අධික මුදලක් වැය කර තිබෙන බවත් සඳහන්.

මුල්‍ය වංචා චෝදනා එල්ලවී තිබෙන මෙම තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි 11 සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයෙක් අධ්‍යක්ෂිකාවක් බව පවසන ජානකී සිරිවර්ධනගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.