27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරූපවාහිනය විකුණන්නේ නෑ

රූපවාහිනය විකුණන්නේ නෑ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිසේත්ම අලෙවි නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රූපවාහනිය තුළ මේ වන විට ප්‍රමාණය ඉක්මවා සේවකයන් ඇති බවත් ආයතනය රුපියල් බිලියනයක පමණ ණයක් ලබාගෙන ඇති බවත්ය.

ලබාගත් ණය වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවීමට සිදුව ඇති නිසා සේවකයන්ගේ වැටුප් ‌ගෙවීම ගැටලුවක් වී තිබේ.

මේ අනුව රූපවාහිනයේ ඌණ උපයෝජිත වත්කම් 100ක් රජයේ අයිතිය තබා ගනිමින් රජයෙන් රජයට අලෙවි කර ණය බර අඩු කර ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ආයතනය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.