26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල යළි ඉහළට?

විදුලි බිල යළි ඉහළට?

විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර තිබෙන බව රන්ජන් ජයලාල් පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඔහු මේ බව කියාසිටියා

දැන් මේ වනවිට තොරතුරක් ලැබිලා තියෙනවා IMF එකෙන් යෝජනා කරනවා 75% අවම වැඩි කළේ ලයිට් බිල එය උපරිම ගත්තහම 100% – 200%කින් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව 15 වෙනිදා සිට 2.56%ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකරලා තියෙනවා. ඒක රටේ ජනතාව දන්නේ නෑ. ඒක බිලට ඇඩ් කරලා තියෙන්නේ වෙනම පෙන්වන්නේ නෑ. එවැනි වටපිටාවක තමා IMF එකෙන් යෝජනා කරනවා කියලා කියන්නේ නැවත වතාවක් විදුලි බිල 30%කින් පමණ වැඩිකරන්න කියලා. ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වගකියන්නේ නෑ.