29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයනයට අවසර

විදෙස්ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයනයට අවසර

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 මැයි 01 සිට 2023 දෙසැම්බර් 31 දක්වා නිල මාර්ග ඔස්සේ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකමින් 50%කට විදුලි වාහනයක් ආනයනයට අවසරදීමට කැබිනට් අනුමැතිය ලැඹී තිබේ.

ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් හා අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට සඳහා පහසුකම් සැපයෙනු ඇත.

එහිදී 2023.04.30 වැනිදා දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් සක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර හිමිවනු ඇත.