28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ක්ෂේත්‍රයේදී මනසේ නිරවුල් බව ඉතාම වැදගත් - කෙහෙළිය රඹුක්වැල්ල

සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී මනසේ නිරවුල් බව ඉතාම වැදගත් – කෙහෙළිය රඹුක්වැල්ල

රට තුළ මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් මධ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ හෙද සංගමයේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය සේවාව ඉතා වැදගත් අංශයක් වන අතර සේවාවේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාගේ අධිෂ්ඨානය සහ කැපවීම ජීවිත ආරක්ෂාව සහතික කරන බවයි.

සෞඛ්‍යය යනු විශාල වගකීමක් සහිත ක්ෂේත්‍රයක් වන අතර යුතුකම් ඉටු කිරීමේදී මනසේ නිරවුල් බව වැදගත් වන බවත් සගයන් අතර සමගිය සහ සහෝදරත්වය ඉතාමත් වැදගත් අංගයක් බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.