― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසෞඛ්‍ය පිරිහුණු පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට තීරණයක්

සෞඛ්‍ය පිරිහුණු පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට තීරණයක්

සෞඛ්‍ය පාරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

මහජන ආරක්ෂණ අමාත්‍යාංශයේ උපදේශන කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. පසුගියදා අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රදානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම කාරක සභාව පැවති අතර එහිදී අනාවරණය වූයේ එවැනි නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සේවය කරන බවයි.

අදාළ නිලධාරීන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජාකාරිවල යෙදී නොසිටින බවත් පොලිසියේ 16,000ක පමණ පිරිසක් මේ වසර තුළ විශ්‍රාම යාමට නියමිත බවත් එහිදී හෙළිදරවු වී තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ අදාල නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ අදාළ යෝජනාව සකස් කරන ලෙසයි.