27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංශභාගය නිසා වසරකට 4000ක් මියයන බවට අනාවරණයක්

අංශභාගය නිසා වසරකට 4000ක් මියයන බවට අනාවරණයක්

අංශභාගය නිසා වසරකට මෙරට පුද්ගලයින් හැටදහසක් රෝහල්ගත වන බවත් ඉන් හාරදහසක් මියයන බවත් එසේ මිය යෑමට හේතුව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබානොගැනීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඊයේ (26) පැවසුවා.

ආඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් රුධිර පීඩනය මැන ගැනීමට ආසන්නතම රෝහලට හෝ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයට ගොස් අවශ්‍ය කටයුතු ඉටුකර ගන්නා මෙන් මෙහිදී විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය ඉල්ලා සිටියාය.

ආඝාතය හේතුවෙන් රෝහල් ගත කරන්නන්නට ලබාදිය යුතු යම් යම් අත්‍යවශ්‍ය ඖෂධ පසුගිය කාල සීමාවේ දී රෝහල්වල නොතිබුණු බවත් මේ වනවිට එම තත්ත්වය නිවැරදි වී ඇති බවත් ජාතික ආඝාත සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා මෙහිදී පැවසීය.