27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බද්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ආදායම් බද්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ. එස්. රණවීර නැමැත්තෙකු විසිනි.

පෙත්සම්කරු මෙම පෙත්සමෙන් කියා සිටින්නේ තමන් බදු ගෙවන අයකු බවත් රජය විසින් මේ මස 21 වැනිදා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවත්ය.

යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බවත් පෙත්සම්කරු එහි දක්වා තිබේ.