24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙන්යාවට වසර 40කට පසු දරුණු නියඟයක්

කෙන්යාවට වසර 40කට පසු දරුණු නියඟයක්

කෙන්යාව වසර 40කට පසු දරුණුතම නියඟයට මුහුණ දී සිටින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරට සෘතු හතරක් වර්ෂාව අසාර්ථක වූ බැවිනි.

මේ හේතුවෙන් කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති අතර ජනතාව කුසගින්නෙන් හා සාගින්නෙන් පෙළෙති. තම මීළඟ ආහාර වේල සඳහා කුමක් කළ යුතු දැයි මිනිසුන්ම නොදන්නා බැවින් පශු සම්පත් ඇති කිරීම අතිශයින් දුෂ්කර වී ඇත.

එහි සිටින සියලුම එළදෙනුන් ආහාර ප්‍රමාණවත් නොවීම නිසා කෙට්ටු වී ඇටකටු පෙනෙන තරම් දුර්වල තත්ත්වයක පවතී.