31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී පහළට

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලබා දෙන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.

පාන් පිටි මිල පහළ දැමුවද මේ වනවිටත් බේකරි සඳහා පාන් පිටි කිලෝවක් මිලදී ගැනීමේදී රුපියල් තුන්සියක පමණ මුදලක් වැයවන බව හෙතෙම අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව අවශ්‍ය තරම් ආනයනික තිරිඟු පිටි තොග ලැබෙන්නේ නම් ලබන සතියේ සිටම පාන් ඇතුළු බේකරි මිල පහත දැමීමට කටයුතු කරන බවත් කෙසේවෙතත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල පහළ දමන අගයන් දැන්මම ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.