27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ රට විනාශ කලේ රාජපක්‍ෂලා.. ඔවුන්ට නැවත ඡන්දෙ දෙන උන් හරකුන්ටත් අන්තයි...

මේ රට විනාශ කලේ රාජපක්‍ෂලා.. ඔවුන්ට නැවත ඡන්දෙ දෙන උන් හරකුන්ටත් අන්තයි – මිහින්තලා රාජමහා විහාරාධිපති

මේ රට විනාශ කලේ රාජපක්‍ෂලා බවත් ඔවුන්ට නැවත ඡන්දය දෙන පිරිස් හරකුන්ටත් අන්ත බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුවන්මැලි සෑ පුදබිමෙහි දිවුරුම් දීම පැවැත්වීම සාපයක් වූ බවත් ඒ සාපය ඔහුට පල දුන් බවත්ය.

මිහින්තලේට මේ දේශපාලන උන් මට ආවත් එකයි නාවත් එකයි රෙදි ගැලවිල ගියත් මම කියන දේ කියනව. ගෝඨාභයට රුවන්වැලි සෑය දිවුරුම් දෙන්න කියන්න ඇත්තේ අනුරාධපුරේ කාලි. දිවුරුම් දීපු තැන පොහොට්ටුව ජන්ද ලකුණ මේ රටට සාපයක් උනා. රටේ උන්ට මන්දපෝෂණය උන්ට අධිපෝෂණය. මෙහෙම ගියොත් හුස්ම ගන්න එකටත් ටැක්ස් ගහවි. රටේ ජාතිවාදය අවුස්සලා මේ මිනිහා ගෙනාපු එකට රටේ හාමුදුරුවෝ ඇතුළු හැම කෙනාම වගකිව යුතුයි.