26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල සිද්ධියට ඇමති පුතෙක් සම්බන්ධ බවට චෝදනාවක්

යාල සිද්ධියට ඇමති පුතෙක් සම්බන්ධ බවට චෝදනාවක්

යාල සිදුවීමට කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බැවින් එය වසන් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි.

පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ පිස්සු නැටීමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් කියලා මේ වෙනකොට වාර්තාවෙලා තිබෙනවා. මේ ඇමතිවරයා කවුද කියලා හොයාගන්න බැරිවෙලා තිබෙනවා. ඒකත් මහා අබිරහසක් වෙලා. මේ ඇමතිවරයාගේ පුත්‍රයා මීට කලිනුත් මේ විදිහටම ඇවිල්ලා ජාතික වනෝද්‍යානය තුළ මේ විදිහටම හානි කරලා තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් වු නඩුව එළඹෙන දෙසැම්බර් 09 වනදා යළි කැඳවීමට නියමිතයි.