30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොකු පැටීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ලොකු පැටීගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින ‘ලොකු පැටීගේ’ ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වැනිදා අහුංගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දී ඇත්තේද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී බවටයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරකට අනුව අහුංගල්ල පොලිස් වසමේ තුඩුව පන්සල අසළදී මෙම වැටලීම සිදු කර ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.