25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසන්ත හා සිරිධම්ම හිමි රඳවා තබා ගැනීම අසාධාරණයි - මානව හිමිකම් කොමිසම

වසන්ත හා සිරිධම්ම හිමි රඳවා තබා ගැනීම අසාධාරණයි – මානව හිමිකම් කොමිසම

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම අසාධාරණ, හිංසාකාරී තත්ත්වයක් බව මානව හිමිකම් කොමිසම පවසයි.

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ හැකි බවත් ඔවුන් දින 90ක් රඳවා තැබීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් එහි අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ
අදාළ රැඳවියන් දෙදෙනාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කොමිසමේ අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ගිය බවත් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පැවති බවත්ය.

මෙම රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකළ යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.