27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබේ.

ඒ ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට‘ හිමි සම්මානය දිනා ගැනීමෙනි.

එම සම්මාන උළෙලේදී අපද්‍රව්‍ය සහ ඉවත දමන ද්‍රව්‍ය භාවිතකරමින් නිෂ්පාදන කිරීමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතියට සම්මානයක් හිමි විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත දැමූ ගුවන් සේවයේ නිල ඇඳුම් සහ ගුවන් යානා අභ්‍යන්තර කොටස් ආදි අපද්‍රව්‍ය යොදාගෙන ‘මතක’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, යතුරු රදවන සහ ආභරණ ඇතුළු සුවිශේෂි නිෂ්පාදන රැසක් ඉදිරිපත් කළ බවයි.