27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 231ක් ඉදිරියේදී මෙරටට

අත්‍යවශ්‍ය ඖෂධ 231ක් ඉදිරියේදී මෙරටට

ඉදිරි මාස කිහිපය තුළ විවිධ ආධාර යටතේ ඖෂධ වර්ග 231ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදනය, හදිසි ප්‍රසම්පාදන, ආසියානු සංවර්ධන බැංකුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියා ණය පහසුකම් හරහා ණය ප්‍රදානයන්හි කොටසක් ලෙස මෙම ඖෂධ ලබා ගැනීමට නියමිතය.

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ හේරත් පැවසුවේ කපු, සේලයින්, ජලභීතිකා රෝග මර්දන ඖෂධ, සර්ප විෂ ඖෂධ, පශ්චාත් ප්‍රසව රුධිර වහනය පාලනයට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ මෙරට ඇති බවයි.