29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉවතලන ලොතරැයිපතෙන් දර්ශනීය පිරිත් මණ්ඩපයක්

ඉවතලන ලොතරැයිපතෙන් දර්ශනීය පිරිත් මණ්ඩපයක්

දහම් පාසල් සිසු දරුවන් එක්ව ඉවතලන ලොතරැයි පත් යොදාගෙන දර්ශනීය පිරිත් මණ්ඩපයක් නිර්මාණය කළ පුවතක් මාතර, වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වැලිගම ඉබ්බාවල පියරතනාරාම විහාරස්ථානයේ වර්ෂික කථික පිංකමට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාව වෙනුවෙන් මෙම අලංකාර පිරිත් මණ්ඩපය නිර්මාණය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා වතලන ලොතරැයි පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම දර්ශනීය පිරිත් මණ්ඩපයේ වැඩ අවසන් කිරීම සඳහා මාස දහයක පමණ පමණ කාලයක් ගත වූ බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.

මෙම සුවිශේෂී පිරිත් මණ්ඩපය දැකබලාගැනීමට සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගිවීමට අති විශාල ජනකායක් ඉබ්බාවල ශ්‍රී පියරතනාරාම පුරාණ විහාරස්ථානය ඊයේ (27) රාත්‍රියේ පැමිණ තිබෙනවා.