30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑලොන් මස්ක් ට්විටර් මිලට ගනියි

එලොන් මස්ක් ට්විටර් මිලට ගනියි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිලදී ගත් බවට තොරතුරු වාර්තා වෙයි.

එලොන් මස්ක් සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් පසු තමන් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් බවයි.

මෙම ගනුදෙනුවත් සමඟ ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල් සහ මූල්‍ය ප්‍රධානී නෙඩ් සේගල් සමාගමේ සැන්ෆ්‍රැන්සිස්කෝ මූලස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් නැවත නොපැමිණෙන බව ආරංචිමාර්ග පවසයි.

මේ අතර ට්විටර් සමාගම මස්ක් අතට පත්වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වාර්තා වෙයි.