32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑලොන් මස්ක් ට්විටර් මිලට ගනියි

එලොන් මස්ක් ට්විටර් මිලට ගනියි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිලදී ගත් බවට තොරතුරු වාර්තා වෙයි.

එලොන් මස්ක් සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් පසු තමන් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් බවයි.

මෙම ගනුදෙනුවත් සමඟ ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල් සහ මූල්‍ය ප්‍රධානී නෙඩ් සේගල් සමාගමේ සැන්ෆ්‍රැන්සිස්කෝ මූලස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් නැවත නොපැමිණෙන බව ආරංචිමාර්ග පවසයි.

මේ අතර ට්විටර් සමාගම මස්ක් අතට පත්වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වාර්තා වෙයි.