28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොන්දොස්තරලා නැති අති නවීන බස් සේවයක් කොළඹට

කොන්දොස්තරලා නැති අති නවීන බස් සේවයක් කොළඹට

කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අති නවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ර්මමස්ථාන බොහොමයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. ගාස්තු ගෙවීම ජංගම දුරකතන යෙදුම හරහා සිදුවනු ඇත.

අදාළ ගමන් මාර්ගය කිලෝමීටර 16 ක දුරකින් යුතු වන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ කොළඹ සිට බස් රථයට ගොඩවී කොපමණ දුරක් ගියද ගෙවිය යුත්තේ රුපියල් 200 ක ස්ථාවර ගාස්තුවක් පමණක් වීමයි.