― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශීය ආදායම් පනතට එරෙහිව පෙත්සම් 06ක්

දේශීය ආදායම් පනතට එරෙහිව පෙත්සම් 06ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 06ක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා එම විශේෂ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක සාමාන්‍ය අධිකාරිවරයෙකු වන උතුල සාරංග රණවීර විසින් එම පෙත්සම ගොනු කර ඇති අතර නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.

පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ වෘත්තිකයින්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරු පවසන්නේ එම පනත් කෙටුම්පතේ අඩංගු 15, 16, 22, 29 , 36 සහ 39 යන වගන්ති ඉවත් කිරීමට හෝ ඒවා තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසටයි.