― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalපුතා වැරදියි කියලා ඔප්පු වුණොත් මං ගෙදර යන්න ලෑස්තියි

පුතා වැරදියි කියලා ඔප්පු වුණොත් මං ගෙදර යන්න ලෑස්තියි

තමාගේ පුත්‍රයා යාල සිද්ධිය වූ දිනයේදී ගාල්ලෙන් එහාට හෝ ගිහින් තිබෙනවා නම් සම්පූර්ණ වගකීම අරගෙන දේශපාලනයෙන්ම අයින් වෙන්න ලෑස්ති බව වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

යාල ජාතික වනෝද්‍යානයේදී තරුණයන් පිරිසක් සතුන්ට හිරිහැර වන පරිදි ජිප් රථ ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (27) සවස පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යාල සිද්ධියට මගේ පුතාත් සම්බන්ධයි කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. මේ ගමනට මගේ පුතා යාලට ගිය බව සම්පූර්ණ අසත්‍යයක්. එදින මගේ පුතා ගිහින් තිබුණේ මතුගම ඥාති නිවසකට විතරයි. ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා පුතා මේ යාල සිද්ධියට සම්බන්ධද කියලා. පුතා මේකට සම්බන්ධද කියලා කොහේ හරි සාක්ෂියක් තියෙනවා නම්, අඩුම වශයෙන් එදින ඔහු ගාල්ලෙන් එහාට හරි ගිහින් තියෙනවානම් සම්පූර්ණ වගකීම අරගෙන දේශපාලනයෙන්ම වුණත් අයින් වෙන්න ලෑස්තියි කියලා මම ඔවුන්ට කිව්වා.

මේ දේශපාලනයට ඉස්සරහදී හොඳ කට්ටිය එයි කියලා හිතන්න නම් බෑ. දැන් ළමයෙකුට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ ඉන්න 225ම ගෙදර ගියත් ඊළඟට එන්නේ හොඳ කණ්ඩායමක් නම් නොවෙයි. යාල සිද්ධියට ජීප් රථ 32 ක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත්තේ අධික වේගයෙන්. ඉන්ධන ගැටලුව උග්‍රව පැවැති කාලයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ ජීප් රථවලින් වැඩි ප්‍රමාණයක් යාලට පැමිණෙන්නට ඇතැයි සැක කරනවා. මෙම පිරිසගේ හෝටල් බිල පමණක් රුපියල් ලක්ෂ හැට ගණනක්. යාල වන සතුන්ට බාධා වන පරිදි වාහන ධාවනය කළ පුද්ගලයින් මොන තරම් බලවත් වූවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.