ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක පවත්වන මැතිවරණයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්රකාශ කළේ ඊයේ (27) ආණමඩුව ආරච්චිකට්ටුව ප්රදේශයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසනබල මණ්ඩල රැස්වීම අමතමිනි.
“ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. අපේ ක්රමය රට ආපස්සට ඇදලා දාන ක්රමයක් නෙමෙයි. ගිනිතියන්න ලේසියි. හැබැයි ඒක නිවන්න අමාරුයි. මැතිවරණයකට වුණත් අපි ඕනම වෙලාවක ලෑස්තියි.“