ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 69 න් ලක්ෂ 40ක්ම සහනාධාර ඉල්ලන බවත් ඔවුන්ට සහන සැලසීමට බදු අයකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ. ආහාර උද්ධමනය සියයට සියයක් තරම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ප්‍රායෝගික නොවන බවත් එකම විකල්පය වන්නේ බදු අයකිරීම බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මේ මොහොතේ යම් යම් අපහසුතාවන් පැවතිය ද බදු ගෙවීම අවබෝධයෙන් කළ යුතු බව ද ඇමැතිවරයා පැවසුවේ