― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහා පරිමාණ ක්‍රිප්ටෝකරන්සි වංචාවක තොරතුරු එළියට

මහා පරිමාණ ක්‍රිප්ටෝකරන්සි වංචාවක තොරතුරු එළියට

ක්‍රිප්ටෝකරන්සි මිලදී ගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මෙරට පුද්ගලයන් 8000 ක් පමණ ‘ස්පෝට් චේන්’ නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.

චීන ජාතිකයන් යුවළක් හා මෙරට පුද්ගලයකු එක්ව මෙම ජාවාරම 2020 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවට හෙළි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මේ දක්වා මෙරට පුද්ගලයන් රවටා රුපියල් කෝටි 1400 ක පමණ මුදල් වංචා කර ඇති බවයි.

මෙම ජාවාරමේ මෙරට ප්‍රධාන සැකකරු වන ශමාල් කීර්ති බණ්ඩාර නැමැත්තා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබේ. එමෙන්ම ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි චීන ජාතික යුවලක් රටින් පලා යාමට සූදානම් වූ අවස්ථාවේ ඉකුත් 12 දින කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.