― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරයා බිරිඳ ඝාතනයට තැත් කරලා

සුප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරයා බිරිඳ ඝාතනයට තැත් කරලා

ඉන්දීය ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කමල් කිෂෝර් මිශ්‍රා ඊයේ (27) රාත්‍රියේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම බිරිඳව ඝාතනයට ලක් කිරීමේ චෝදනාව මත මුම්බායි පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

කමල් කිෂෝර් සිය මෝටර් රථය තුළ නිරූපිකාවක් සමඟ සිටි මොහොතක බිරිඳ විසින් ඔහුව අල්ලා ගැනීමට උත්සාහා කළ අවස්ථාවේ දී බිරිඳව යටකර මෝටර් රථය ධාවනය කරවීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ වන යස්මින්ගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා අනාචාරයේ හැසිරීම, හිතාමතාම එම ස්ථානයෙන් පලා යාම සහ මෝටර් රථය ඇය මත ධාවනය කිරීමෙන් ඝාතනයට ලක් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා කමල් කිෂෝර්ගේ බිරිඳ විසින් ඔහුට එරෙහිව එල්ල කර ඇති බව සඳහන්.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ඉන්දීය පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයේ ආරක්ෂිත කැමරා පරික්ෂා කර බලා ඇති අතර, කමල් කිෂෝර් විසින් සිය බිරිඳව මෝටර් රථයට යටකර පලායන අයුරු එම කැමරාවල පටිගතව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සැකකාර කමල් කිෂෝර් ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Dehati Disco, Bhootiyapa, Flat No.420, Khalli Balli සහ Sharmaji Ki Lag Gai වැනි චිත්‍රපට රැසක නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ කමල් කිෂෝර් මිශ්‍රා විසිනුයි.