30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැඩි රැකවල් මැද ප්‍රභූවරයෙක් ගුවනින් ජාතික රෝහලට

දැඩි රැකවල් මැද ප්‍රභූවරයෙක් ගුවනින් ජාතික රෝහලට

විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙන ආ ප්‍රභූවරයෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ඔහුට ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතර රෝගියෙකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිවලින් බැහැරව, කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබීම දැඩි කතාබහට ලක් වී තිබේ.

එසේම මෙම ඇතුළත් කිරීමේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර තිබීමයි.

තවද මෙම ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක සෙබලුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබේ.

කෙසේවෙතත් මෙම විශේෂ ප්‍රභූවරයා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු හිටපු නාවුක හමුදාපතිවරයකු බවයි.