32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෙවර අයවැය පරාජය වීමේ වැඩි ඉඩකඩක්! - චන්න ජයසුමන

මෙවර අයවැය පරාජය වීමේ වැඩි ඉඩකඩක්! – චන්න ජයසුමන

මෙවර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අයවැය පරාජය පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්මත වූයේ ආණ්ඩු පක්ෂය බරපතල බෙදීම් රැසක් මැද බවයි.

22ට ආණ්ඩුවේ පිරිසක් සහය නොදුන් බවත් ඉදිරි අයවැයට පෙර එම කණ්ඩායම තමන්ට අමාත්‍ය ධූර ලබා දෙන ලෙසත් තම ඥාතීන්ට ආණ්ඩුකාර ධූර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාට බලපෑම් සිදු කරන බව මන්ත්‍රීවරයා එහිදී හෙළිදරවු කළේය.

එසේම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම ඉල්ලීම් ඉටු නොවුණහොත් අයවැය පරාජය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

එමෙන්ම දෙවරක් අයවැය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවත් දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය රඳා පවතින්නේ මන්ත්‍රීවරුන් අටත් දහයත් අතර සුළු ප්‍රමාණයකින් බවත් මන්ත්‍රීවරයා පැවසීය.