32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සතියේදී ලිට්‍රෝ ගෑස් මිල තවත් පහළට

ලබන සතියේදී ලිට්‍රෝ ගෑස් මිල තවත් පහළට

තවත් ගෑස් නෞකාවක් අද (29) අලුයම මෙරටට ළඟා වූ බවත් මෙරට ගෑස් හිඟයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බවයි.

එමෙන්ම මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බවත් එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.