28.9 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 130ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 130ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරෙන් තුවාල ලබා සහ විපතට පත්ව සිටි තවත් පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින තවත් කිහිප දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් සඳහන් කර සිටියේ.

වසර 100ක් පමණ පැරණි කේබල් පාලමක් කඩා වැටීමෙන් ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදු වුණා.

පුද්ගලයින් 500ක පමණ පිරිසක් චත් පූජාව සඳහා චාරිත්‍ර සිදුකිරීම සඳහා පාලම මතට රැස්ව සිටිය දී මෙය කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් තොරතුරු වාර්තා කළේ.