28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාව පිට බදු බර පැටවීමට මං එකඟ නෑ

ජනතාව පිට බදු බර පැටවීමට මං එකඟ නෑ

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීම ගැන තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පීඩාවට පත්ව සිටින ජනතාව මත කොතරම් නව බදු පැනවුවද ඒවා අයකර ගැනීම පහසු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි යෝජනාවකට දේශපාලන වශයෙන් සහාය දිය නොහැකි යැයිද සඳහන් කළේය.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගන්වමින් ආදායම් උත්පාදනය වර්ධනය නොකර තව තවත් බදු හෝ ගාස්තුවල බර ජනතාව පිට පැටවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.