― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩයනා ගමගේ විදේශිකයෙක් - උදය ගම්මන්පිල

ඩයනා ගමගේ විදේශිකයෙක් – උදය ගම්මන්පිල

ද්විත්ව පුරවැසියෙකුට වඩා විදේශිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීම භයානක බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකුටත් වඩා විදේශිකයෙක් ලෙස පාර්ලිමේන්තුවේ සිටින බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැති සබේ සිටින ද්විත්ව පුරවැසියන් හෙළි කිරීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමටයි කියලා කතානායකතුමා කියනවා. නෑ. නෑ. ඒ වගකීම තිබෙන්නේ අධිකරණයටයි කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. ඇත්තටම ඒ ප්‍රකාශ දෙකම වැරදියි. අධිකරණයට කරන්න පුළුවන් කවුරු හරි ඉදිරිපත් කරන තොරතුරු මත යමෙක් ද්විත්ව පුරවැසියෙකු ද නැද්ද කියන එක තීරණය කිරීම පමණයි. කවුද එහෙනම් ඒ තොරතුරු සොයන්න ඕනෑ. නීතියෙන් ඒ වගකීම පවරා තිබෙන්නේ ජනතාවට. අපට. 2017 දී පුරවැසියෙකු වන පියසේන ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කරලා ගීතා කුමාරසිංහ මැතිණිය ද්විත්ව පුරවැසියෙකු වන නිසා ඇයගේ මන්ත්‍රි ධූරය අහෝසි වන බවට තීරණය කලා.

පියසේන ගමගේ මහත්තයාට ඒ පෙත්සම ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ ගීතා කුමාරසිංහ මැතිණිය ලංකාවේ ගමන් බලපත්‍රයක් ගන්නා විට අයදුම්පත්‍රයේ “ඔබ ද්විත්ව පුරවැසියෙකු ද” කියන ප්‍රශ්නයට ඇය අවංකව “ඔව්” කියලා පිලිතුරු දීලා තිබුණු නිසා. ඇය එදා ඒ ප්‍රශ්නයට “නැත” කියා වංචනිකව පිලිතුරු දුන්නා නම් පියසේන ගමගේ මහතාට ඒ පෙත්සම ඉදිරිපත් කරන්න ලැබෙන්නේ නෑ. අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225න් 221ක්ම ආවේ 20 සංශෝධනය සම්මත කරන්න කලින්.

ඒ කියන්නේ ද්විත්ව පුරවැසියෙකු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒ ඉන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න තහනම් බව දනිමින් වංචනිකව ආ අය. ඒ නිසා මේ අය “ඔබ ද්විත්ව පුරවැසියෙකු ද” කියන ප්‍රශ්නයට “නෑ” කියලා තමයි පිලිතුරු දීලා තිබෙන්න ඕනි. මේ තත්වය යටතේ සමහර හිටපු ඇමතිවරු කියනවා වගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආගමන විගමන පාලකට ලිපියක් යවලා මේ තොරතුරු ලබා ගන්න බෑ. ඇත්තෙන්ම මේ අය ද්විත්ව පුරවැසියන් නොවේ. විදේශිකයින්.

අපේ රටේ නීතිය අනුව එනම් 1948 පුරවැසි පනත අනුව යමෙක් වෙනත් රටක පුරවැසිකම ගත් විගස ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. එවිට යමෙකුට ලංකාවේ පුරවැසි භාවය ලබාගැනීමට අවශ්‍ය නම් නැවත අයදුම් කරලා ද්විත්ව පුරවැසි භාවය ලබාගත යුතුයි. නමුත් සමහරු කරන්නේ වෙනත් රටක පුරවැසිකම ගත් බව වංචනිකව සඟවා ගෙන ලංකාවේ දී ලංකාණ්ඩුව නිකුත් කළ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත භාවිතා කිරීමයි. එවැනි අය ඇත්තෙන්ම ද්විත්ව පුරවැසියන් ඔවුන් ලාංකික පුරවැසියන් විධියට රඟපානවා.

ඩයනා ගමගේ ඇමතිතුමියට තිබෙන්නේ ඒ චෝදනාවයි. එතුමිය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ගෙන තිබෙන බවට එතුමියගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය වගේම බ්‍රිතාන්‍යයේ සංස්ථාපත සමාගම් පිලිබඳ තොරතුරු දැක්වෙන නිල වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඇය බ්‍රිතාන්‍යෙය් පුරවැසි කම ලබාලන්නා විටම ඇයගේ ලාංකික පුරවැසිකම අහෝසියි. එහෙම නම් ඇය ද්විත්ව පුරවැසිකම සඳහා අයදුම් කළ යුතුයි.

එසේ නොකර ඇය ලාංකික පුරවැසිකම නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් ලබා ගෙන ඇති බවටයි චෝදනාවක් එල්ල වී තිබෙන්නේ. ඇය ද්විත්ව පුරවැසියෙකුටත් වඩා විදේශිකයෙක් ලෙසයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඇත්තෙන්ම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තු එනවාටත් වඩා විදේශිකයෙකු පාර්ලිමේන්තු එන එක භයානකයි.

ඩයනා ඇමතිතුමියගේ තොරතුරු හෙලි වුණේ ඇයගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ඇයගේ සතුරන් අතට පත්වීමෙන්. එවැනි අහඹු සිදුවීම් හරහා පමණයි පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් මෙන්ම විදේශිකයින් පිලිබඳ තොරතුරු දැන ගන්න පුළුවන් වෙන්නේ.”