― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම අහිංසකයි.. මේ වාහනේ මගේ නෙවෙයි - නිශාන්ත මුතුහෙට්ටිගම

මම අහිංසකයි.. මේ වාහනේ මගේ නෙවෙයි – නිශාන්ත මුතුහෙට්ටිගම

ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් ඊයේ සිය භාරයට ගත් හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ බව කියන තීරු බදු රහිතව මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී ජීප් රථය අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සුඛෝපබෝගී ජීප් රථය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා ද අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී සැකකරුට වාහනය සම්බන්ධයෙන් චෝදනා 07ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී චෝදනා දෙකක් සම්බන්ධව ඇප ලබාදීමට විරෝධය පළකරමින් පොලිසිය කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වසර ගණනාවක සිට මෙම රථය ධාවනයයේ පවතින බවත්, එක්වරම මෙම වාහනය සම්බන්ධයෙන් කටයුතු කිරීම කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

එහිදී කරුණු විමසා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මෙම නඩුව ලබන 14 වනදා දක්වා කල් තැබූ අතර, සැකකරු ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර,මෙම සිද්ධිය සම්බන්ධයෙ සිදුකළ විමසීමක දී හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කර සිටියේ මෙය තමන්ට අයත් වාහනයක් නොවන බවයි.

එමෙන්ම වාහන නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීම හෝ එකලස් කිරීම තම විසින් සිදුනොකළ බවත්, එලෙස සිදුකළ පුද්ගලයින් නිදැල්ලේ සිටින බවත්, තමා වැනි අසත්‍ය අහිංසකයෙකු මෙවැනි චෝදනාවකට හසුකළේ සෘජුවම දේශපාලන මඩ ගැසීමකට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.