28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ ඩිස්නිලන්තයක් හදන්න අදහසක් නැහැ - වෝල්ට් ඩිස්නි සමාගම

ලංකාවේ ඩිස්නිලන්තයක් හදන්න අදහසක් නැහැ – වෝල්ට් ඩිස්නි සමාගම

ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් වෝල්ට් ඩිස්නි සමාගම පවසා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගියදා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ඩිස්නිලන්තයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවටත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමත් සමඟ සන්ඩේ ටයිම්ස් කළ විමසීමකින් අනතුරුව වෝල්ට් ඩිස්නි සමාගම මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඩයනා ගමගේට ඇමතුමක් ගත් විට ඇය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඩිස්නි සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති නමුත් ඇය සම්බන්ධ වූයේ කා සමඟද යන්න පැවසිය නොහැකි බවයි.