― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහාජි නාන්න බයයි වගේ මේ ආණ්ඩුව ඡන්ද තියන්න බයයි - ඩලස් අලහප්පෙරුම

හාජි නාන්න බයයි වගේ මේ ආණ්ඩුව ඡන්ද තියන්න බයයි – ඩලස් අලහප්පෙරුම

හාජි නාන්න බයයි වගේ මේ ආණ්ඩුව ඡන්ද තියන්න බය බවත් කිසිවිටෙක අශිෂ්ට විදිහට පලායන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ‘නිදහස ජනතාව’ සභාව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මැතිවරණ කල් දැමීම පිළිබඳව අපි දිගින් දිගටම කතා කරනවා. දැන් මොකද්ද ආණ්ඩුව කරන්න හදන්නේ. පළාත් පාලන මැතිවරණ ක්‍රියාන්විතය නිල වශයෙන් සැප්තැම්බර් විසි වෙනිදා ආරම්භ වුණා.එතෙක් නිහඬව හිටපු රාජ්‍ය නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කළා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මැතිවරණ ක්‍රමය නොයෙක් අඩුපාඩු තියෙනවා, අටදහ වැඩි 4000ට අඩු කරන්න ඕනෑ.

ඒවගේ සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා නරක දේවල් නෙවෙයි. නමුත් නිල වශයෙන් මැතිවණ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ වුනායින් පස්සේ කරන්න හදන්නේ කුමක්ද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඉවර වුණේ නෑ දැන් ආණ්ඩුව කතානායකතුමාට දැනුම් දීලා තියෙනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරුණු පහළොවක් යටතේ වහාම සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා.

මොකක්ද මේ තේරීම් කාරක සභාව. 2008 ඉඳල මේ වෙනකොට මේ කරුණ වෙනුවෙන්ම තේරීම්කාරක සභා දෙකක් පත් කරලා තියෙනවා, ඒ දෙකේම සභාපති ධූරය දැරුවේ පොඩි දරුවෙක් නෙමෙයි වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. හොඳ නිර්දේශ රාශියක් තියෙනවා එවායින් ලබාදීලා එම තේරීම් කාරක සභාවල හිටපු සියලු නියෝජිතයන් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් එකගතාවය පල කරලා තියෙනවා. ඉහත තේරීම් කාරක සභා දෙකෙහිම නිර්දේශ සභාවට ඉදිරිපත් කරල තියෙන වෙලාවක, දැන් ඇයි මේ නැවත තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙන්නේ. ගමේ කියමනක් තියෙනවා ‘ගොනා හැරෙනකොට දන්නවා මොන පොල් පැලේද කන්නේ කියල’ මේ ගැන තේරුමක් අපිට තියෙනවා. එනිසා රටට පැහැදිලියි මේ මොකක්ද කරන්න හදන්නෙ කියලා. දැන් මේ කරන්න හදන්නේ කුමන හෝ තාක්ෂණික හේතුවක් දාලා මේ මැතිවරණය කල් දාන එක.

2017 කල් දාපු පළාත් සභාව තාම නෑ. මේ වගේම තාක්ෂණ හේතු දාලා පළාත්සභා කල් දැම්මා. ජනමතයට මුහුණ නොදී පැනලා යන්නයි මේ ආණ්ඩුව හදන්නේ. විසි එක් වැනි සංශෝධනය සම්මත වුණායින් පස්සෙ තවත් හේතුවක් තියෙනවා ආණ්ඩුවට. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා කිව්වා මේ වෙලාවේ මැතිවරණ කල් දාන්න කවුරුහරි උත්සාහ කරනවා නම් මම උසාවි යන්න සූදානම් කියලා. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවට තියෙන එක බලාපොරොත්තුවක්.

ඒකට ඉහතින් සදහන් කරපු තාක්ෂණික හේතුවක් නිර්මාණය වෙලා තියනවා 21 හරහා, මේ දෙක එක විට කරන්න ආන්ඩුව හදන්නේ මම මේ රටට අනතුරු අඟවනවා. මැතිවරණ කල් දැම්මොත් උසාවි යනවා කියපු නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවේ එක උවමනාවක්. ගිය සතියේ මාධ්‍ය වාර්තා කළා, ඉරානය පුරවැසියෙක් පිළිබඳව ඔහුගේ නම අමෝව් හාජි අවුරුදු 94ක් වයසේ පුද්ගලයෙක් මාධ්‍ය වාර්තාකරණය අනුව අවුරුදු 54 කින් හාජී නාලා නැහැ, ඔහු නොනාන පුද්ගලයෙක් විදියට තමයි හාජි ඉරානයේ ජීවත් වුණේ. අවුරුදු පනස් හතරක් ඔහු නාන්න නැතුව ඉන්න හේතුව තමයි හාජිගේ විශ්වාසය තමයි ඔළුවට වතුර වැටුනොත් තමා මැරෙයි කියලා හිතපු එක. ඒ නිසා අවුරුදු 54 ක් වතුර පොදක් ඇඟට දාන්නේ නැතුව හිටියා ඔහු හැඳින්වූයේ ලෝකෙ අපිරිසිදුම පුද්ගලයා විදියට. ගමේ මිනිස්සු මේක ඉවසන්නම බැරුව බලහත්කාරයෙන් හාජි අරන් ගිහිල්ලා නැව්වා. නෑවා විතරයි මේ පුද්ගලයා මියගියා.

මේ ආණ්ඩුවත් හරියට හාජි වගෙයි හාජි නාන්ඩ බයයි ආණ්ඩුව මැතිවරණයට බයයි .අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. ගිය සතියේ අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විසිතුනක් මැතිවරණ සිතියම හැකිලීමට විරුද්ධව එක මතයකට ආවා. ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සහ මහජන එක්සත් පෙරමුණ හැරෙන්ඩ , සියලුම දේශපාලන පක්ෂ විසිතුනක් අපි ද ඇතුළත්ව එක මතයකට ආවා. එක ලේඛනයකට තමන්ගේ අත්සන යෙදුවා මැතිවරණය කල් දානවට එරෙහිව. පාර්ලිමේන්තු ඉතිහාසයේ පළල්ම දේශපාලන එකගතාවය එයින් ගොඩ නැගුණා. අපි ආණ්ඩුවට කාරුණිකව කියනවා මැතිවරණ කල් දැම්මොත් එහෙම අර හාජිට කරා වගේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව නාවන්න අපි සූදානම් කියලා. එනිසා ආණ්ඩුවට තියෙන්නේ පණ රැකගන්නට මේක කල් දාන්න උප්පරවැට්ටියක් දාන එක. ජනතාවට අපි කියන්නේ මැතිවරණය මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය නොවන බව අපි දන්නවා මැතිවරණයට වඩා බරපතළ ප්‍රශ්න තියෙන රටක් මේක. පාසල් දරුවෝ ලක්ෂ 12ක් නිරාහාරව නිදාගන්න රටක් මේක හාමත දූපතක් මේක. මිනිස්සු ලොකු ආර්ථික පීඩාවට ගිලිලා ඉන්න රටක් මේක. ඒ ගිලිණු මිනිස්සුන්ට මැතිවරණය තීරණාත්මක කාරණාවක් නොවන බව අපි ඔක්කොම දන්නවා. 2019 නොවැම්බර් ඉඳලා ගත වෙච්චි මාසේ 30 ඇතුළේ මෙරට ජනාධිපතිවරු දෙන්නෙක්, අගමැතිවරු තුන්දෙනෙක් ආවා, කැබිනට් මණ්ඩල පහක් මාස තිහකට පත්වුණා. ජනමතයට මුහුණ දෙන්න බැරිව කරන වෙනස්කම් ඒ අනුව පේනවා. ආණ්ඩුව ජනතා මතයට සංවේදී නැත්තම් ඒ සංවේදී බවට ආණ්ඩුව තල්ලු කළ යුතුයි. අශිෂ්ට විදිහට පලායන්න ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ.