26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනිදා

අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනිදා

2023 වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත අදාළ යෝජිත වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවා.

2023 වර්ෂයට අදාළ අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතයි.

අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා පැවැත්වෙන අතර, 2023 වසරේ අයවැය ඡන්ද විමසීම ද දෙසැම්බර් මස 08 වනදා පැවැත්වීමට නියමිතයි.