23.4 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබිතිගොල්ලෑවේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

කැබිතිගොල්ලෑවේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

ඊයේ (31) රාත්‍රියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අනුරාධපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (01) උදෑසනත් වයස අවුරුදු 30ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා රඹකැපූවැව ප්‍රදේශයේ අයවලුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඇති වූ කලහකාරී සිද්ධිය අතර තුර පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි අද (01) උදෑසන වාර්තා වුණේ.

රඹකැපූවැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (31) රාත්‍රියේ මෙම කලහකාරී තත්ත්වය ඇතිව තිබුණා.