28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලේ පවුල් 24,000ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ගාල්ලේ පවුල් 24,000ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ගාල්ල දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 800 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට අමතරව එම අවධානම් සහිත පවුල්වල ගැබිණි මව්වරුන්ද සිටින බවට අනාවරණ වී තිබේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත පවුල් 24,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බවත් මාදම්පාගම, හික්කඩුව ඇතුළු තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් මෙලෙස ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දී සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතනවල මැදිහත් වීමෙන් මෙම පවුල්වලට වියළි ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන තිබේ.