28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය රාජපක්ෂ කෙළවගත්තේ නාමල් රාජපක්ෂ නිසා - චන්න ජයසුමන

ගෝඨාභය රාජපක්ෂ කෙළවගත්තේ නාමල් රාජපක්ෂ නිසා – චන්න ජයසුමන

ගෝඨාභයට පමණක් නොව රටටම මේ විනාශය සිදුවූයේ නාමල්ලා ගෝඨාට දුන් උපදෙස් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා විනාශ වුණේ වියතුන් දුන් උපදෙස් නිසා බවට නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

වියතුන්, ආචාර්යවරු, මහාචාර්යවරු, නීතිඥවරු ප්‍රබල පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි කියා තව අවුරුදු දෙක තුනකින් නාමල් රාජපක්ෂට වැටහෙන බවත් එය තේරුම් ගැනීමට තරම් නාමල් රාජපක්ෂ තවම පරිණත නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී පැවසීය.