22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචන්න තමයි අනික් කාටත් වඩා ගෝඨාභයගේ ළඟින් ඉඳන් උපදෙස් දුන්නේ

චන්න තමයි අනික් කාටත් වඩා ගෝඨාභයගේ ළඟින් ඉඳන් උපදෙස් දුන්නේ

චන්න ජයසුමන අන් කාටත් වඩා ගෝඨාභය රාජපක්ෂගේ ළඟින්ම සිට උපදෙස් දුන් බවත් උගත් බුද්ධිමත් දේශපාලඥයන් පටු ආකාරයෙන් ඒ අයගේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ගැන තමා කණගාටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහාචාර්ය චන්න ජයසුමන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

එයා එහෙම කියන්න එපැයි. මොකද ඔහු දැන් වෙන්වෙලා නේ ඉන්නේ. මේ සම්බන්ධයෙන් විවේචනය නොකර ජනතාවගේ පැත්තෙ ඉඳගෙන තීන්දු තීරණ ගන්න කියලා මම ජයසුමන මහතාට යෝජනා කරනවා.