― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුවත් ඉහළට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුවත් ඉහළට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තු සහ සේවාවන් අද (01) සිට ඉහළ දැමීමට තීරණය කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ, අනුව පළමුවරට ලියාපදිංචි කර ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හැදුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 500ක් දක්වාත් ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

නැති වූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 1000ක් දක්වා ඉහළ දමා ඇති අතර, එක්දින සේවය මඟින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ගාස්තුවට අමතරව රුපියල් 2,000ක ගාස්තුවක් ද අයකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.