26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

ජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩු තුනක් නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ඇති මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් 09 වැනිදා ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී 2010 – 2014 අතර කාලයේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩු ගොනුකර තිබේ.

අදාළ නඩු අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇති අතර අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේ ඊට අදාළ පැමිණිල්ලේ ලිඛිත දේශන දෙසැම්බර් 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.