26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිශාන්ත මුතුහෙට්ටිගමගේ පොලිස් ආරක්ෂාවත් ඉවතට

නිශාන්ත මුතුහෙට්ටිගමගේ පොලිස් ආරක්ෂාවත් ඉවතට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඊයේ (31) දින සිට ඉවත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

නිශාන්ත මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වී සිටිය ද ඔහුට තර්ජන ඇති බවට කර තිබූ ඉල්ලීමකට අනුව මෙලෙස පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ තීරුබදු රහිතව මෙරටට ගෙන් වූ බව කියන සුඛෝපභෝගී ජීප් රථයක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් පදවමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පොලිසිය මෙලෙස පියවර ගෙන තිබෙනවා.

අදාළ සුඛෝපභෝගී ජීප් රථය සමඟ පෙරේදා ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා ඊයේ (31) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

මෙම සිද්ධියෙන් පසු නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි සෙසු පොලිස් කොස්තාපල්වරයාත් ඉවත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.