26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ රැස්වීම් මාලාවට මං විරුද්ධයි - ප්‍රසන්න රණතුංග

පොහොට්ටුවේ රැස්වීම් මාලාවට මං විරුද්ධයි – ප්‍රසන්න රණතුංග

පොහොට්ටු පක්ෂය විසින් පවත්වාගෙන යනු ලබන අළු මතින් නැගිටිමු රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බවත් තමන්ගේ විරෝධය තමන් නාමල් රාජපක්ෂ ඉදිරියේම සනත් නිශාන්තට ප්‍රකාශ කළ බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ආරච්චිකට්ටුවේ සංවිධානය කරන ලද අළුමතින් නැගිටිමු රැස්වීමට තමන් සහභාගී වූ නමුත් එම රැස්වීම අමතා කතා නොකළේ ඒ හේතුව නිසා බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී අළුමතින් නැගිටිමු රැස්වීමේ මාලාවේ යම් වෙනසක් සිදුවනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.